සිසුවාට වෙඩි තබා ඝාතනය කල සැකකරු 05 වනදා තෙක් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

සිසුවාට වෙඩි තබා ඝාතනය කල සැකකරු 05 වනදා තෙක් රිමාන්ඩ්

සිසුවාට වෙඩි තබා ඝාතනය කල සැකකරු 05 වනදා තෙක් රිමාන්ඩ්

වීරකැටිය, ගජනායකගමදී පසුගියදා වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා ඊයේ(22) නියෝග කළේය.

 

ප්‍රධාන සැකකරු වන ගජනායකගම පදිංචි මොහොට්ටිගේ තිලක් හෙවත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නමැති අය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

 

සැකකරුවන් කැළෑ පෙදෙසක සැඟව සිටියදී 22 දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත. 

 

සිද්ධියට සම්බන්ධවූ තවත් සැකකරුවන් තිදෙනක්ද පෙරේදා(21) අලූයම වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 

පසුගිය 19 වැනිදා රාති‍්‍රයේ වීරකැටිය ගජනායකගමදී ඥාතීන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පාර්ශ්වයක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් අනෙක් පාර්ශ්වයේ 14 හැවිරිදි පාසල් සිසුවකු සචින්ත නිම්සර නමැති අය වෙඩි වැදී බරපතළ තුවාල ලබා මියගොස් තිබිණි.

views

809 Views

Comments

arrow-up