කොවිඩ් වැළඳී දෙවියන්ගේ පිහිට පැතීමට ගිය කතක් දේවාලය තුලම මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

කොවිඩ් වැළඳී දෙවියන්ගේ පිහිට පැතීමට ගිය කතක් දේවාලය තුලම මරුට

කොවිඩ් වැළඳී දෙවියන්ගේ පිහිට පැතීමට ගිය කතක් දේවාලය තුලම මරුට

කොවිඩ් වලින් ගැලවිමට දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවක් දේවාලය තුළම මියයාමේ සිදුවීමක් අඹේපුස්ස බලතව, කැබැල්ලවිට ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

අංක 149, මැද කනත්ත, කැබැල්ලවිට, අඹේපුස්ස ලිපිනයෙහි පදිංචි රේණුකා දමයන්ති නමැති 53 හැවිරිදි පූර්ණ ආබාධිත කාන්තාවක් මෙලෙස මියගොස් ඇත. 

 

මෙම කාන්තාවට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින කිහිපයක් ගත වී ඇති බවද පැවසේ. නැවතත් මෙම කාන්තාවට පසුගිය 14 දින සවස්වරුවේ හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇයගේ සහෝදරිය විසින් එම ප්‍රදේශයේම පිහිටි දේවාලයක් වෙත මෙම කාන්තාව රැගෙන ගොස් ඇති අතර ශාන්තිකර්මයක් කරදෙන ලෙස එම දේවාලයේ මෑණියන්ට පවසා ඇත.

 

දේවාලයේ මෑණියන් පවසා තිබෙන්නේ තමාට මේ සම්බන්ධව කිසිවක් සිදුකළ නොහැකි බවත්, හැකි විගසින් මෙම රෝගී කාන්තාව රෝහල කරා රැගෙන යන ලෙසත්ය. 


කෙසේ නමුත් මියගිය කාන්තාවගේ සහෝදරියගේ බලවත් ඉල්ලීමට දේවාලයේ මෑණියන් විසින් මෙම කාන්තාවට සෙත් ශාන්තිය සිදු කිරීමට පියවර ගෙන තිබේ. 

 

එම අවස්ථාවේදී මෙම කාන්තාව සිහිසුන්වී ඇති අතර එසැණින් මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව මීරිගම පොලීසිය සඳහන් කරයි. 

 

පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මෙම කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වී ඇත. 

 

මෙම තත්වය සැලකිල්ලට ගෙන කුමන අසනීප තත්වයක් ඇති වුවද, මිත්‍යා මත පසුපස හඹා නොයා හැකි විගසින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් රණසිංහ මහතා පැවසා සිටියේය.

views

1038 Views

Comments

arrow-up