කෝටි දෙකක අයිස් එස්.ටී.එෆ් අල්ලයි

වත්තල, වනවාසල පාර, ජයන්ති විහාරය ඉදිරිපිටදී රුපියල් කෝටි 2කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ එකෙහි නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 666 ක් සොයාගෙන තිබෙනවා.
යතුරු පැදියක් සහ ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ක් වන කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සදහන් කළේ.
738 Views
Comments