විදුලි බිල හෙට සිට අඩු වෙන හැටි

මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කොට ඇත.
ගෘහස්ත අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65ක් ගාස්තු අඩු වීමක්ද ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කිරීමක්ද මෙහිදී සිදු වේ. මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා අඩු කෙරේ.
ඒසේම ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒ්කක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා අඩුකෙරෙන අතර මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කර ඇත.
•ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන අතර මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 දක්වා අඩු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩුවීමක් සිදු වන අතර අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන වලට ඒකකය රුපියල් 10 බැගින් (රුපියල් 30 සිට 10 දක්වා) අඩු කොට තිබේ.
එසේම ආගමික ස්ථාන සදහා කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන්නැයි ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි පනවා ඇති අතර
• හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්,
• කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්, සිදු කොට තිබේ.
වාණිජ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 5කින් අඩු කෙරෙන අතර රජයේ ගොඩනැගිලි වල විදුලි ගාස්තු සියයට 1 කින් අඩු කොට ඇත.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
427 Views
Comments