පිටිගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

පිටිගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පිටිගල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පිටිගල, තල්ගස්වල ප්‍රදේශයේ ඊයේ(03) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

 

එලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

මියගිය පුද්ගලයා යතුරු පැදියකින් සිය නිවෙසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේ සැගව සිටි පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

 

වෙඩි තැබිමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.  

 

මියගිය පුද්ගලයා මුදල් පොලියට ලබාදෙන පුද්ගලයෙකු බවත්, වෙඩි තැබීමට හේතුව මුදල් ආරවුලක් බවට සැකකෙරෙන බවත් පොලීසිය කීය. 

views

238 Views

Comments

arrow-up