දඹුල්ලේ 23 හැවිරිදි තරුණයෙකු මැරූ ඝාතකයන් අල්ලන්නැයි ඉල්ලා මව සහ ඥාතීහු විරෝධතාවයක
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

දඹුල්ලේ 23 හැවිරිදි තරුණයෙකු මැරූ ඝාතකයන් අල්ලන්නැයි ඉල්ලා මව සහ ඥාතීහු විරෝධතාවයක

දඹුල්ලේ 23 හැවිරිදි තරුණයෙකු මැරූ ඝාතකයන් අල්ලන්නැයි ඉල්ලා මව සහ ඥාතීහු විරෝධතාවයක

දඹුල්ල ජලාශ පාරේ පදිංචිව සිටි 23 හැවිරිදි පසිඳු ෂෙහාන් කරුණාතිලක නැමැති තරුණයා ඝාතනයට ලක්ව දෙමසකට ආසන්න කාලයක් ගතව ඇතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත්ව ඇතැයි පවසමින් මියගිය තරුණයාගේ මව සහ ඥාතීන් පිරිසක් පසුගිය 24 වන දින පෙරවරුවේ දඹුල්ල පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුහ.

 

පින් කැටයක් කැඩීමට ගොස් හසුවුනැයි පවසමින් හිමිනමක් දඹුල්ල පොලිසියට බාරදීමෙන් අනතුරුව රෝහල් ගතකර සුළු මොහොතකින් අභිරහස් ලෙස මියගිය තරුණයාගේ මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ.

 

හමුදා සෙබළෙක් වන මෙම තරුණයා නිවාඩු ගොස් සිටි අතර මොහු මියයාමට දිනයකට පෙර යළි රාජකාරියට වාර්තා කිරීමට නියමිතව සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව තිබේ. 

මිතුරෙකුගේ ඇමතුමකින් නිවසින් බැහැරව ගොස් ඇති මෙම තරුණයා සිව් දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් මෝටර් රථයක නංවා ගෙනගොස් පහරදී පසුව බකමුණ, රිදී ඇල්ල ප්‍රදේශයේ පන්සලක හිමිනමට බාරදී ඇත්තේ පින් කැටයක් කඩමින් සිටියදී හසුවුණු බව පවසමිනි.

 

 අනතුරුව එම හිමිනම 119 දුරකතනයට කතාකර පහරකෑමට ලක්වූ තරුණයා පොලිසියට බාරදී ඇති අතර රෝහල් ගතකර සුළු මොහොතකින් ඔහු මියගොස් තිබේ.

 

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ හිසට සහ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට හානි සිදුවීමෙන් ඝාතනය සිදුව ඇති බවටයි.

views

766 Views

Comments

arrow-up