OCT
02
ප්‍රවීන රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි අතිදක්ෂ ප්‍රවීන රංගන ශිල්පීයෙකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 41 ක්.
අද උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති අතර පසුව දර්ශන් මහතා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දර්ශන් ධර්මරාජ් මහතා සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ A9 ටෙලි නාට්‍යය හරහා පළමුව රූපවාහිනියට පිවිසෙන අතර 2008 වසරේ තිරගත වූ ප්‍රභාකරන් චිත්‍රපටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළා.
252 Views
Comments