NOV
27
නවතා තිබු සවුදි රැකියා සදහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම යළි ඇරඹේ

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම අද යළි ආරම්භ වනවා.
ඒ අනුව අද රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි.
180 දෙනෙකුගෙන් යුත් මුලු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර එරට හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහායි මෙම ශ්‍රමික පිරිස යොමුකෙරන්නේ.
557 Views
Comments