ලිට්‍රෝ සමාගමෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.
ගෑස් මිල පිලිබදව අදහස් දැක්වූ ඒ මහතා,
"අපි සෑහෙන්න මිල අඩුකිරීම් කරලා තියෙනවා. ඉදිරියටත් අපි බලනවා මිල පරාසයන් තුළම මේ මිල ගණන් තියා ගන්න. අපි ඒ වෙනුවෙන් ගොඩක් ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. විශේෂ අවධානයකින් ඉන්නවා මම සහ මගේ කණ්ඩායම. විශේෂයෙන්ම මිල සුත්‍රයට අනුව ලැබෙන මිල ගණන් අනුව ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවචනය අනුව නිරන්තර අවධානයෙන් පසුවෙනවා. ඉදිරියට අපි බලමු මේ මිල පරාසය තුළම සිලින්ඩරවල මිල තියා ගන්න තමා අපේ උත්සාහය."
186 Views
Comments