වනජීවී නිලධාරීන් හිරිහැර කරනවා, සීගිරියේ විරෝධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
12

වනජීවී නිලධාරීන් හිරිහැර කරනවා, සීගිරියේ විරෝධයක්

වනජීවී නිලධාරීන් හිරිහැර කරනවා, සීගිරියේ විරෝධයක්

සීගිරිය වනජීවී කාර්යාලය ඉදිරිපිට ඊයේ (12) විරෝධතාවක් පැවැත්වුණි.

 

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ සීගිරියේ පාරම්පරික පදිංචිකරුවන්ට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විවිධ හිරිහැර සිදු කරන බවයි.

              

මෙම විරෝධතාවය හේතුවෙන් සීගිරියට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණම අවහිර වී තිබේ.

 

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ සීගිරි අභය භූමිය ගැසට් කිරීම මගින් එලෙස වනජීවී නිලධාරීන්ගෙන් ප්‍රදේශවාසීන්ට හිරිහැර සිදුවන බවයි.

 

මේ සම්බන්ධයෙන් සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළ තිබුණේ 1990 වසරේ දී සීගිරියේ අක්කර 12,600ක ප්‍රමාණයක් අභය භූමියක් ලෙස ගැසට් පත්‍රයක් මගින් වනජීවී දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇති බවත් ඒ අනුව තමන්ට පැවරී ඇති බලතල අනුව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

 

views

289 Views

Comments

arrow-up