නැවත වාර්තා වන සරම්ප රෝගීන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

නැවත වාර්තා වන සරම්ප රෝගීන්

නැවත වාර්තා වන සරම්ප රෝගීන්

මෙරට තුළ මේ වනවිට සරම්ප රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මිත්‍යා විශ්වාස පළ කරන ඇතැමි ආගමික කණ්ඩායම් විසින් දරුවන්ට සරම්ප එන්නත ලබා දීම වළක්වාලීම ඊට හේතුවී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

 

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ වසරකට ලක්ෂ 03ක් පමණ වූ උපදින දරුවන්ගෙන් 1500 -1700 අතර සංඛ්‍යාවක් සරම්ප සඳහා එන්නත ලබා නොමැති බවයි.

 

ඒ අනුව අවිද්‍යාත්මක පදනමක් මත දරුවන්ට එන්නත් ලබා නොදීම මේ වනවිට රටට ගැටලුවක්වී ඇති බවත්, කඩිනමින් එන්නත ලබා නොදුන හොත් ඉදිරියේදී එම දරුවන් තවත් රෝගවලට ගොදුරු විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

 

"එන්නත් ලබා නොගත් දරුවන්ට කරුණාකර දෙමාපියන් මැදිහත් වී එන්නත් ලබා දෙන්න. කිසිම ගැටලුවකින් තොරව එන්නත් ලබා දීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් සිදු කරනවා. එන්නත් ලබා නොගත් අයගේ ලේඛනය සෞඛ්‍ය අංශ සතුව පවතිනවා. එළඹෙන සතියේ මේ දරුවන් සොයා කාර්ය මණ්ඩලය නිවෙස්වලට යනවා. බලෙන් දෙන්න බැහැ. ලෙඩවල අනතුර දකින්නේ නැති නිසයි මේ අය එන්නත් නොගන්න එන්නේ"

views

345 Views

Comments

arrow-up