සිසු සිසුවියන් 14කට කොවිඩ් - පාසලක් වසා දමයි

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමඟ ඊයේ (02) තලෙයිමන්නාරම දෙමළ මිශ්‍ර පාසල වසා දැමීමට මන්නාරම සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම පාසල සියලූ ශ්‍රේණි සඳහා විවෘත කළ දිනයේදී පාසලේ ශ්‍රමදානයක් සඳහා දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබෙන අතර ඉන් දෙමව්පියන් දෙදෙනෙකුට සහ පාසල් ළමුන් තිදෙනකුට කොවිඩ් 19 රෝගය වැළඳීමෙන් අනතුරුව 50 දෙනකුගෙන් සමන්විත පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකොට ඇත.
පරීක්ෂණවල ප්‍රතිපලවලට අනුව සිසුන් 14 දෙනෙකු සහ දෙමව්පියන් 15 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු එම පාසල ඊයේ(02) සිට වසා දැමීමට තීරණය කොට තිබේ.
1152 Views
Comments