සෝදිසි මෙහෙයුම නිසා මිලියන 11ක ගංජා පාරේ දමා යයි

යාපනය ප්‍රදේශයේදී කළ හදීසි සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා රැගෙන යමින් තිබූ කේරල ගංජා තොගයක් මාර්ගයක දමාගොස් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් වෙත්තිලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ලැබුණු තොරතුරකට අනුව මාමුනෙයි ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
මෙහෙයුම අතරතුරදී මාමුනේ ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයක දමාගොස් තිබූ පාර්සල් 18ක්තිබී හමුවී සිදුකරන ලද පරික්ෂාවකදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් විසින් විකිණීම සඳහා රැගෙන යමින් තිබූ අදාල කේරල ගංජා තොගය මාර්ගයේ දමා පලාගොස් ඇති බවට නාවික හමුදාව සැකපලකර සිටියි.
කේරලගංජා කිලෝ 35 ග්‍රෑම් 900 ක ප්‍රමාණයක් ඒහි තිබී ඇති අතර තොගයේ වටිනාකම රුපියල් මිලියන 11 කට අධික වන අතරම මෙම කේරල ගංජා තොගයට ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තැබීමට පියවර ගෙන ඇත.
175 Views
Comments