යුක්‍රේන ජනාධිපතිගෙන් නේටෝ සංවිධානයට චෝදනා

නේටෝ සංවිධානය නිවේදනය කරන්නේ යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.
යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි.
නේටෝ සංවිධානය පවසන්නේ නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්‌ගේ එකඟතාව හා කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙන බවයි.
රුසියාව සමඟ යුද ගැටුම් පවතින අතරතුර දී යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට හැකියාවක් නොමැති අතර යුද ගැටුම් අවසන් වූ වහාම සාමාජිකත්වය ලබාගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් වේ.
යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කරන්නේ තමාට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානය පසුගාමීව කටයුතු කරන බවයි .
281 Views
Comments