අද කොළඹ වරායට එන දැවැන්තයා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

අද කොළඹ වරායට එන දැවැන්තයා

අද කොළඹ වරායට එන දැවැන්තයා

ලොව විශාලතම බහලුම් නෞකාව වන 'EVER ACE' නෞකාව අද දින (05) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි.

 

මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.

 

එම වරායවල් 24 තුළට කොළඹ වරායද ඇතුලත් විම සුවිශේෂී වේ.

 

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ  'EVER ACE' නෞකාව කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බවය.

 

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසයි.

views

704 Views

Comments

arrow-up