ලක්‍ෂ විස්සක දේපළ කොල්ල කෑ කොල්ල කල්ලියක 04ක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ලක්‍ෂ විස්සක දේපළ කොල්ල කෑ කොල්ල කල්ලියක 04ක් දැලේ

ලක්‍ෂ විස්සක දේපළ කොල්ල කෑ කොල්ල කල්ලියක 04ක් දැලේ

උල්පිහි පෙන්වා වයෝවෘද්ධ කතුන් බියගන්වා මුදල් සහ රණ් භාන්ඩ කොල්ලකන ‘වලපල පැනියා’ ඇතුළු සංවිධානාත්ම කල්ලියක සිව්දෙනෙකු 04 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.

 

පානදුර ප්‍රදේශයේ නිවාස කොල්ලකෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.



යාචක වෙස්ගෙන දිවා කාලයේ නිවාස නිරීක්ෂණය කොට රාත්‍රී කාලයේ මුහුණු ආවරණ පැළඳ උල් ආයුධ රැගෙන කඩාවැදී කොල්ලකෑම් සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.

 

සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් මාල, වළලු, මුදු, කාරාබු, අත්පළඳනා, ලැප්ටොප්, ඩීවීඩී ප්ලේයර්, ජංගම දුරකථන, අත්ඔරලෝසු, ග්‍රිල්, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා උපකරණ රැසක් සහ කොල්ලකෑමට යොදාගත් උල් පිහි හතරක් ද සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

 

ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් අනූවකට අධික ප්‍රමාණයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

views

654 Views

Comments

arrow-up