අමරවීර එළුවන් බෙදයි.

අඩු ආදායම්ලාභී පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත. වසර පහක් තුළ එළුවන් 70,000 ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බව අමාත්‍යංශය සඳහන් කරයි.
එම වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ විය.
එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10 ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
265 Views
Comments