“සීගිරිය හා යාල ප්ලාස්ටික්වලින් තොර සංචාරක ගමනාන්තයක් කරනවා” - ඇමති ප්‍රසන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

“සීගිරිය හා යාල ප්ලාස්ටික්වලින් තොර සංචාරක ගමනාන්තයක් කරනවා” - ඇමති ප්‍රසන්න

“සීගිරිය හා යාල ප්ලාස්ටික්වලින් තොර සංචාරක ගමනාන්තයක් කරනවා” - ඇමති ප්‍රසන්න

සීගිරිය සංචාරක කලාපය සහ යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.

 

ඒ අනුව සීගිරිය හා ඒ අවට හදුනාගත් බිම් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කළාපයක් ලෙසටද යාල සංචාරක කළාපය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී ආරක්ෂිත හා සංරක්ෂිත පෙදෙසක් ලෙසත් ප්‍රකාශයටපත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

views

758 Views

Comments

arrow-up