මනූෂ සී.අයි.ඩීයට කැඳවයි - සජිතුත් පසුපසින් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
30

මනූෂ සී.අයි.ඩීයට කැඳවයි - සජිතුත් පසුපසින් යයි

මනූෂ සී.අයි.ඩීයට කැඳවයි - සජිතුත් පසුපසින් යයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව සමගි ජනබලවේගය පක්ෂයේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 

 

අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයාගෙන් විමර්ශන නිලධාරීන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේය.

 

 

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සමඟ සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියේය.

views

716 Views

Comments

arrow-up