හදිසියේ ඇතිවූ අසනිප තත්වය නිසා රෝහල්ගත කළ 15 හැවිරිදි දැරිය මියයයි

නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දැරියක් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
උදරයේ ඇතිවූ අපහසුතාවයක් නිසා ඊයේ(22) දහවල් 12ට පමණ දැරියව බලපිටිය මූලික රෝහලට ඇතුලත්කොට ඇති අතර පැය කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි දැරිය හදිසියේ මියගොස් ඇත.
දේහය සම්බන්ධයෙන් සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදිත බව තහවුරුවී තිබේ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවියක් වන සඳමිණි නෙත්සරණි නමැති දැරිය හල්වතුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිට ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර තිබිණි.
1087 Views
Comments