වත්තල පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

වත්තල පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

වත්තල පැය 18 ක් ජල සැපයුම අත්හිටුවයි

හෙට දිනයේ රාත්‍රී 10.00 සිට අඟහරුවාදා පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයක් වත්තල ප්‍රදේශයේ හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල , ගලහා දූව මරදාන පාර, ඇළ කන්ද හා හැඳල පාරේ කොටසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

 

ඒ හේකිත්ත මාර්ගයේ ජල නල අලුත්වැඩියාවක් සිදු කිරීම හේතුවෙන් බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

 

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

views

579 Views

Comments

arrow-up