තිදෙනෙකුට මරු කැදවූ ඒකල මාරක රිය අනතුරට හේතුව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
31

තිදෙනෙකුට මරු කැදවූ ඒකල මාරක රිය අනතුරට හේතුව (PHOTOS)

තිදෙනෙකුට මරු කැදවූ ඒකල මාරක රිය අනතුරට හේතුව (PHOTOS)

කොළඹ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල කොටුගොඩ ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

අධික වේගයෙන් පැමිණි වැගන් ආර් රථයක් එහි රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අසල බස් නැවතුම් පොලක ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

 

කොටුගොඩ ගුවන් හමුදා කදවුර ආසන්නයේදී උදෑසන 6.00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරින් මියගොස් තිබෙන්නේ රද්දොළුගම කොටුගොඩ පදිංචි සුමින්ද ක්‍රිශාන් පුල්ලුහේන(49) පමුණුගම පදිංචි ක්‍රිශාන් මහින්ද(48) සහ රද්දොළුගම පදිංචි ටිරෝන් එරල් (63) යන අයයි.

 

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් තිදෙනාගේ සිරුරු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

 

 

views

636 Views

Comments

arrow-up