ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් සේවකයන් රැසක් අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් සේවකයන් රැසක් අනතුරේ

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණය නොකලොත් සේවකයන් රැසක් අනතුරේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් එම සමාගමේ සේවකයන් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

දිගින් දිගටම අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නඩත්තු කිරීම රජයට අඛණ්ඩව සිදු කළ නොහැකි බවත් ජනතාවගේ බදු මුදල් තවදුරටත් නාස්ති කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාල කටයුතු සිදුකිරීමට අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීම මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඉතා විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කිරිම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය. 

views

229 Views

Comments

arrow-up