ඉන්දීය ගුවන් හමුදාපතිවරයා අගමැති හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර අද දින හමුවක් පැවැත්වී ඇත.
ඒ, අරලියගහ මන්දිරයේදීය.
එහිදී, ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දීය ගුවන් මාණ්ඩලික ප්‍රධානියා වෙත සිය ස්තූතිය පුද කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසා තිබේ.
දෙරටේ ගුවන් හමුදා අතර ඇති සමීප සහයෝගීතාවය සංකේතවත් කිරීමක් වශයෙන් ත්‍රිකුණාමලයේ ගුවන් හමුදා කඳවුරේ මිත්‍රත්ව ශ්‍රවණාගාරයක් ඉදිකිරිමට ඉන්දියාව කටයුතු කරන බව එම හමුවේදී එයාර් මාර්ෂල් චෞද්රි, අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇත.
202 Views
Comments