මිනුවන්ගොඩ අධිකරණ භූමියේ කුණු ගොඩක ගිනි අවියක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

මිනුවන්ගොඩ අධිකරණ භූමියේ කුණු ගොඩක ගිනි අවියක්

මිනුවන්ගොඩ අධිකරණ භූමියේ කුණු ගොඩක ගිනි අවියක්

මිනුවන්ගොඩ අධිකරණ සංකීර්ණ භූමියේ කුණු ගොඩක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත කුඩා ගිනි අවියක් හමුවී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියා සිටී.

 

පොලිතින් උරයක් තුළ බහා තිබූ මෙම ගිනි අවිය අර්ධ වශයෙන් දිරාපත් වී ඇති බවද සඳහන් වන අතර, අධිකරණ භූමිය පවිත්‍රතා කටයුතු සිදුකරමින් සිටි අයෙකුට මෙම ගිනි අවි හමුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.

 

මෙය කිසියම් අපරාධයක් සඳහා රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කොට සිටී.

views

211 Views

Comments

arrow-up