DEC
30
ඉංගිරියේ ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සතුව තිබී කොල්ල කන ලද මෝටර් රථය, ඝාතනයට ලක්වූ පුද්ගලයා භාවිත කළ ජංගම දුරකථන දෙකක් හා අපරාධය සිදු කිරීමට භාවිත කළ ජංගම දුරකථන තුනක් හමු වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් අම්බලන්තොට හා හුන්ගම ප්‍රදේශවල පදිංචි 31 හා 36 යන වයස්වල පසුවන්නන්.
285 Views
Comments