DEC
23
අමාත්‍යංශය කිහිපයක විෂය පථයන් සංශෝධනය කෙරේ

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය මඟින් ආරක්ෂක, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්, අධ්‍යාපන, වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යාංශවල ආයතන කිහිපයක් එම අමාත්‍යාංශවල විෂය පථවලින් ඉවත් කර තිබේ.
එම ආයතන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, සෞඛ්‍ය, කෘෂිකර්ම, කර්මාන්ත යන අමාත්‍යාංශවලට ඇතුලත් කර තිබේ.
214 Views
Comments