වැලිගම ප්‍රාදේශීය සභාවෙන් සිසුන් 20,000කට නොමිලේ පාසල් උපකරණ

වැලිගම ප්‍රාදේශීය සභාව විසින් 2023 වර්ෂය සඳහා වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු ම පාසල් දරුවන්ට නොමිලේ පාසල් උපකරණ බෙදා දීම සඳහා ඉදිරිපත් කර ලද යෝජනාවට පක්ෂ විපක්ෂ බහුතර මන්ත්‍රී එකඟතාව හිමිව තිබේ.
අද (16) පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේ දී එම යෝජනාවට මෙලෙස බහුතර මන්ත්‍රී එකඟතාව හිමිව තිබුණි.
ඒ අනුව එම ප්‍රදේශයේ පාසල් දරුවන් 20,000කට වැඩි පිරිසකට නොමිලේ පාසල් උපකරණ බෙදා දීමට නියමිතය.
ඒ සඳහා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභා අරමුදලින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කිරීමට කටයුතු කරන බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැටිටගේ පවසයි.
252 Views
Comments