ඇස් නොපෙනෙන අම්මා නිවසේ සිටියදීම දුරකථනයෙන් හඳුනාගත් තරුණයා දැරියට අතවර කරලා - තරුණයා සොයා පොලිස් පරික්‍ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

ඇස් නොපෙනෙන අම්මා නිවසේ සිටියදීම දුරකථනයෙන් හඳුනාගත් තරුණයා දැරියට අතවර කරලා - තරුණයා සොයා පොලිස් පරික්‍ෂණ

ඇස් නොපෙනෙන අම්මා නිවසේ සිටියදීම දුරකථනයෙන් හඳුනාගත් තරුණයා දැරියට අතවර කරලා - තරුණයා සොයා පොලිස් පරික්‍ෂණ

වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ හඳුනා ගෙන දෘශ්‍යාබාධිත මවට හොරෙන් දැරියට අතවර කර පලා ගොස් සිටින 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු අත්අඩංගුවට ගැනීම සඳහා 8දා විමර්ශනයක් ආරම්භ කළ බව එප්පාවල පොලිසිය පවසයි.

 

සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යෑම සඳහා ලබා දුන් ජංගම දුරකථනය භාවිතා කර මෙම තරුණයා අධ්‍යාපන කටයුතු සිදු කරන අතරවාරයේදී මිතුරු වී තිබේ. දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙය අනාවරණය වූ බව පොලිසිය කියයි.

 

වින්දිත දැරියගේ පියා මීට වසරකට පමණ පෙර හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් තම දෘශ්‍යාබාධිත මව සමග දැරිය නිවසේ තනියම ජීවත්ව සිට ඇත. ඇය තම නිවසේදී මෙලෙස අතවරයට ලක්ව ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි. වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබිණී.

views

308 Views

Comments

arrow-up