පසුගියදා ආන්දෝලනාත්මක සිද්ධියක් සම්බන්ධව ප්‍රසිද්ධ නිරූපිකාව හදීසියේ සී.අයි.ඩී කැඳවයි

ලංකා ඊ නිවුස් මාධ්‍යවේදියකු හා දුරකථන සංවාදයක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධව නිරූපණ ශිල්පී චූලා පත්මේන්ද්‍ර මහත්මිය ඊයේ දින විශේෂ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ඇත.
ලොව පුරා සිරස්තල වලට තුඩු දුන් මිසිස් ශ්‍රී ලංකා අවසන් තරඟයෙන් පසුව විදේශ මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ මාධ්‍යවේදීන් තමා හා සම්බන්ධ වූ බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයෙන් පිටත මාධ්‍යවේදීන් හමුවේ චූලා පද්මේන්ද්‍ර පැවසූ අතර මෙම කැඳවීම විහිලු සහගත බවද ඇය වැඩිදුරටත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය ප්‍රකාශ කලේ තමාට මාධ්‍යවේදී කීර්ති රත්නායක මුණගැසී නැති බවත්, ඔහු සමඟ කළ දුරකථන ඇමතුමකින් ඇයගෙන් ප්‍රශ්න කිරීම අසාධාරණ බවත්ය.
722 Views
Comments