උතුම් පොසොන් පුන් පොහොය අදයි

බුද්ධ වර්ෂ 236 දී අද වැනි දිනක මිස්සක පව්වේ සිට දේවානම් පියතිස්ස මහරජු ඇමතු මිහිඳු හිමියන්ගේ මධුර ස්වරයත් සමග ලක්දිව බුදු සසුන ආරම්භ විය.
එදා සිට බෞද්ධ සැදැහැවතුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරන්නේ බුදුමග දෙසූ අනුබුදු හිමියන් සැදැහැ සිතින් සිහි කරමිනි.
පොසොන් පොහෝ දිනයේ සිදු වූ අසිරිමත් සිද්ධියක් වන්නේ, බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් ගණ බුදුරැස් විහිදීමයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව ධර්මාශෝක රජ සමයේ රාජානුග්‍රහය ඇතිව 3වන ධර්ම සංඝායනාව පැවැත් විය.
රටවල් 9 ක බුදු දහම ව්‍යාප්ත කර ඇත්තේ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන්වහන්සේගේ අනුශාසනා පරිදී පැවැත් වු එම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස ය.
බුද්ධ වර්ෂ 236දී ඉත්ථිය, උත්ථිය, සම්බල, බද්ධසාල හිමිවරුන්, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකතුමා ඇතුළු ධර්ම දූතයින් පිරිවරාගත් මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයට වැඩම කළේ ය.
මුව දඩයමේ යමින් සිටි දේවානම් පියතිස්ස රජු හා මිහිඳු හිමි අතර එදා ඇති වූ සංවාදය ලොව සුවිශේෂී බුද්ධි පරීක්ෂණයක් ලෙස ප්‍රකට වේ.
දේවානම් පියතිස්ස රජු මිහිඳු හිමියන් දෙසූ චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මාවබෝධය ලබා රට වැසියන් යහමගට ගැනීමට පියවර ගත්තේ ය.
එතැන් පටන් ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම සමග මුසු වූ අසිරිමත් සංස්කෘතියක්, කලා උරුමයක්, වාරි රටාවක්, කෘෂිකාර්මික ප්‍රබෝධයක් මෙන්ම ධාර්මික ශිෂ්ටාචාරයක් ද දායාද වුණි.
239 Views
Comments