පාර්ලිමේන්තු සෙංකෝලය කඩතොලු‍ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

පාර්ලිමේන්තු සෙංකෝලය කඩතොලු‍ වෙයි

පාර්ලිමේන්තු සෙංකෝලය කඩතොලු‍ වෙයි

පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය වන සෙංකෝලයේ කඩතොලු‍ කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

 

පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලදී මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව හෙතෙම පැවසීය.

 

ඒවා මෙරටදී  පිළිසකර කිරීමේ හැකියාවක් නොමැති බවත් පිළිසකර කරන්නේ නම් එය  එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

 

කෙසේ වුවත් මෙම හානි බැලූ බැල්මට බාහිරයට නිරීක්ෂණය නොවන බවත් නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කීවේය.

views

796 Views

Comments

arrow-up