ඉන්දියානු චිත්‍රපටය නිසා ඇල්ල - බදුල්ල දුම්රිය මාර්ගය සතියකට වැසුණත් මිලියන ගණනක ලාභයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

ඉන්දියානු චිත්‍රපටය නිසා ඇල්ල - බදුල්ල දුම්රිය මාර්ගය සතියකට වැසුණත් මිලියන ගණනක ලාභයක්

ඉන්දියානු චිත්‍රපටය නිසා ඇල්ල - බදුල්ල දුම්රිය මාර්ගය සතියකට වැසුණත් මිලියන ගණනක ලාභයක්

ඉන්දියානු ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇල්ල සිට බදුල්ල දක්වා දුම්රිය කිහිපයක ගමන් සතියකට ඇනහිටීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොව එම කාලය සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 238ක් ලැබී ඇතැයි පැවසූ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොළගේ මහතා පැවසීය.

 

මීට අමතරව තවත් ලක්ෂ 480ක තැන්පතුවක්ද තබා ඇතැයි පැවසීය.

 

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඔක්තෝබර් 09 සිට ඔක්තෝබර් 15 දක්වා ඇල්ල සිට බදුල්ල දක්වා දෙමෝදර පාලම ආශ්‍රිත දුම්රිය මාර්ගය වසා තැබීමට ඉල්ලීම් කර ඇත්තේ පෙරවරු 7.30 සිට සවස 5.30 දක්වා පමණක් බවත් එම කාලයේදී යන දුම්රිය දෙකක් සහ එන දුම්රිය දෙකක් පමණක් නතරවන බවත් ඒ මහතා කීය.

 

කෙසේ වෙතත් සවස 5.30ත් පෙරවරු 7.30ත් අතර සතියක කාලය තුළ රාත්‍රී දුම්රිය, උඩරට මැණිකේ ඇතුළු දුම්රිය තුනක් බදුල්ලට ධාවනයවීමත්, බදුල්ලේ සිට දුම්රිය තුනක් නැවත කොළඹට පැමිණීම සිදුවන බවත් ඉඳිපොළගේ මහතා පැවසීය.

views

186 Views

Comments

arrow-up