ජනපති අනුරට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.
ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් එම ආරාධනය ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් සිදුකර ඇත.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පහසු දිනයකදී මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ආරාධනා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් අද (04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.
177 Views
Comments