නීති විරෝධී ලන්ච් ෂීට් කිලෝ ග්‍රෑම් 100 ක් ගාල්ලෙන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

නීති විරෝධී ලන්ච් ෂීට් කිලෝ ග්‍රෑම් 100 ක් ගාල්ලෙන් අල්ලයි

නීති විරෝධී ලන්ච් ෂීට් කිලෝ ග්‍රෑම් 100 ක් ගාල්ලෙන් අල්ලයි

නීති විරෝධී පොලිතීන් ලන්ච් ෂීට් කිලෝ ග්‍රෑම් 100 ක්  ගාල්ල නගරයේ කළ වැටලීමකින් සොයා ගෙන තිබේ. ඒ, ගාල්ල පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය සමග එක්ව කළ වැටලීමකදී යි.

 

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ, නීතියෙන් තහනම් කර ඇති ග්රෑම් 20 හෝ මිලිලීටර් 20 ට අඩු සැෂේ පැකට්, හුළං පුරවන ලද සෙල්ලම් බඩු, නීති විරෝධී පොලිතීන් ලන්ච් ෂීට්, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනය සහ භාවිතය සම්පුර්ණයෙන් තහනම් වන අතර මෙම නීතිය කඩකරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව යි.

views

221 Views

Comments

arrow-up