වෛද්‍ය සිසුවියක් ලෙස හැදුනුම්පත හදාගත් තරුණිය කූඩුවට

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැදුණුම් පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය නවාතැන් ගෙන සිටි ප්‍රදේශයේ වැසියන්ට ඇය පිළිබදව ඇති වූ සැකයක් මත ඔවුන් කෝපායී පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලීසිය ඇයව හා ඇගේ කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැදුණුම්පත හමුවී ඇත.
යාපනය විශව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසා බැලීමේදී එම හැදුණුම්පත ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි වීමෙන් පසුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්්‍රාත්වරයා නියෝග කොට ඇත.
727 Views
Comments