විමල්ලාගේ සමුළුවට ගිය පොහොට්ටු මන්ත්‍රී දෙපළට වෙන්න යන දේ

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ඊයේ (02) පැවැත්වූ ‘මුළු රට ම හරි මගට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන් සහභාගී වී තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම කාරක සභාවේ අවධානය ඒ පිළිබඳව යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී මහ ලේකම්වරයා සඳහන් කළේ, තම පක්ෂ සාමාජිකයින් දෙදෙනාගේ ක්‍රියාකලාපය තමන් අනුමත නොකරන බවය.
කෙසේ වෙතත්, ඔවුන්ට එරෙහිව තමන්ට විනය ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත යුතු බවත් ඔහු පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවය.
1023 Views
Comments