“සිංහලයන් ගොන් තඩියන්, ධර්මපාලතුමා හරි”‍ - මෛත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

“සිංහලයන් ගොන් තඩියන්, ධර්මපාලතුමා හරි”‍ - මෛත්‍රී

“සිංහලයන් ගොන් තඩියන්, ධර්මපාලතුමා හරි”‍ - මෛත්‍රී

සිංහලයන් ගොන් තඩියන් යැයි අනගාරික ධර්මපාලතුමන් සිදුකල ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

අනගාරික ධර්මපාලතුමන් පසු කලෙක භික්ෂූත්වයට පත්වී ඉන්දියාවට ගොස් තමන්ගේ රට ලංකාව බවත් ලංකාව අතහැර ඉන්දියාවට පැමිණියේ කළගුණ නොදන්නා මිනිසුන් තම රටේ සිටිනා නිසා බවත් තමා ලංකාව පැත්තට හිස දමා නිදා ගන්නේවත් නැති බවත් එතුමා පැවසූ බවද හෙතෙම සඳහන් කළේය.

 

එදා ධර්මපාලතුමන් පැවසූ ලෙස සිංහලයින් ගොන් තඩියන් යන කතාව අදටත් ගැළපෙන බවත් එය එකඟ විය හැකි කාරණාවක් බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 

පොළොන්නරුවේ දී පැවති අනගාරික ධර්මපාල මහා සෑයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

views

725 Views

Comments

arrow-up