ඉතිහාසයේ විශාලතම කුඩු දේපොළ අල්ලයි - පර්චස් 100ක සුපිරි හෝටලයකුත් ඒ අතර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ඉතිහාසයේ විශාලතම කුඩු දේපොළ අල්ලයි - පර්චස් 100ක සුපිරි හෝටලයකුත් ඒ අතර

ඉතිහාසයේ විශාලතම කුඩු දේපොළ අල්ලයි - පර්චස් 100ක සුපිරි හෝටලයකුත් ඒ අතර

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෑත කාලයේ කුඩු ජාවාරම්කරුවකුගේ දේපල සම්බන්ධයෙක් සිදුකළ විශාලතම වැටලීම ඊයේ(24) උදෑසන සිදු කර ඇත.

 

දෙමටගොඩ වසන්තගේ බිරිඳගේ නමට තිබුණු මෙම දේපලවල වටිනාකම කෝටි 32කට ආසන්න බව සඳහන්වෙයි.

 

මීගමුව පිටිපන මූහුදු තීරයට මූණ ලා තිබුණු පර්චස් 100ක ඉඩමක් සහ එහි ඉදිකර තිබුණු හෝටලයක් මේ දේපල අතර වෙයි.

 

අවුරුදු 02ක් තිස්සේ පෞද්ගලික ආරක්ෂක සමාගමකින් ලබාගත් මුරකරුවෙකුගේ ආරක්ෂාව යටතේ මෙම විලා වර්ගයේ හෝටලය තිබී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාව වන විට එහි පිහිනුම් තටාකයක් ඉදිකිරීමට අවශය කැනීම්ද කර තිබී ඇත.

 

මේවන විට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් සුනඛ අංශයේ සහයෙන් මුලු‍ භූමියම විශේෂ පරීක්ෂාවකට ලක්කරමින් තිබේ.

views

801 Views

Comments

arrow-up