බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේට

බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේට

තමා බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව කියාසිටියේ.

 

විදුලිබල අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දී ඇති බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කියාසිටියේ.

 

මීට පෙර විදුලිබල අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයායි.

 

ප්‍රවාහන අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි හට නව ධුරයක් ලෙස හිමි වූයේ විදුලි බල අමාත්‍ය ධුරයයි.

views

762 Views

Comments

arrow-up