කාන්තාවකගේ පපුවට ගිනි අවියකින් පහරදී අත්අඩංගුවටගත් ස.ජ.බ හිටපු ප්‍රා: සභාපතිට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

කාන්තාවකගේ පපුවට ගිනි අවියකින් පහරදී අත්අඩංගුවටගත් ස.ජ.බ හිටපු ප්‍රා: සභාපතිට ඇප

කාන්තාවකගේ පපුවට ගිනි අවියකින් පහරදී අත්අඩංගුවටගත් ස.ජ.බ හිටපු ප්‍රා: සභාපතිට ඇප

කාන්තාවකට ගිනි අවියකින් පහර දිමේ චෝදනාවක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ආණමඩුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා දැඩි ඇප කොන්දෙසි මත සහ  රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට ආණමඩුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 

ඔහුව පසුගිය දා අත්අඩංගුවටගෙන ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 

මෙසේ ඇප නියම හිමිවූයේ සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයාටය.

 

ආණමඩුව තට්ටෑව ප්‍රදේශයේ ඒ. එච්. එම් විමලාවති නැමති 58 හැවිරිදි තිදරු මවකට ගිනි අවියකින්  පහරදිම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ලවි තිබුණී.

 

කුඹුරක නියරක් සම්බන්ධව ඇතිවු බහින් බස් විමකින් අනතුරුව හිටපු සභාපතිවරයා විසින් ඔහු අත තිබු ගිනි අවියකින් කාන්තාවගේ පපුවට ප්‍රහාරයක් එල්ල කර ඇයට මුහුණට පහරක් ගසා ඇති බව පොලිසියට පැමිණිලි ලැබි තිබුණි.

 

කෙසේ වුවද අදාල පැමිණිල්ල සඳහා පැමිණිලි පාර්ශවය හා චුදිත පාර්ශවයට විභාගයට පොලිසියට පැමිණෙන ලෙස ඔවුන්ව පොලිසියට කැදවා තිබුණද හිටපු සභාපතිවරයා පැමිණ නොතිබු බව පොලිසිය කියයි.

 

ඒ අනුව ආණමඩුව හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා පොලිස් අත් අඩංගුවට පත්විය.

 

අත් අඩංගුවට ගත් සැකකරු ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කරමින් හිටපු සභාපතිවරයාට ඇප කොන්දෙසි පනවමින් ඇප මත මුදා හැරිමට කටයුතු කල අතර නඩුව නැවත ඔක්තෝම්බර් 14 කැඳවීමට නියමිතයි.

views

748 Views

Comments

arrow-up