හිතුවක්කාර ලෙස විවාහ වූ පුතුට මව්පියන්ගේ ලැබුණු අපූරු දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

හිතුවක්කාර ලෙස විවාහ වූ පුතුට මව්පියන්ගේ ලැබුණු අපූරු දඬුවම

හිතුවක්කාර ලෙස විවාහ වූ පුතුට මව්පියන්ගේ ලැබුණු අපූරු දඬුවම

මව්පියන්ගේ අකමැත්තමත විවාහයක් කර ගැනීම නිසා මව්පියන් ඊට විරෝධය දක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීමෙන් අලු‍ත ගෙනා මනමාලිය සමඟ තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමඟකින් යාමට සිදුව ඇතැයි අම්පාර ප්‍රදේශයේ තරුණයෙකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පවසා ඇත.

 

තමා සහ බිරිඳ නිවසේ උඩුමහලේ ජීවත්වන අතර ඊට නිවසේ පිටතින් ඇතුළුවීමට පඩිපෙලක් නැතැයිද මව, පියා සහ සහෝදරියන් තිදෙනා නිවසේ ප්‍රධාන දොරවට අගුලු‍ දමාගෙන සිටින බවද තරුණයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

 

තමාට සහ බිරිඳට නිවසින් පිටතට යාම සඳහා ප්‍රධාන දොර විවෘත කර තබන ලෙස මව්පියන්ට බල කරන්නැයිද එම තරුණයා පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

 

30 හැවිරිදි මෙම තරුණයා අම්පාර, උහන පදිංචිකරුවෙකු වන අතර කලක් විදේශගතව රැකියාවක් කළ අයෙකු බවද පසුගිය අගෝස්තු මාසයේ විවාහ වී ඇතැයිද පොලිසිය පවසයි.

 

මව්පියන්ගේ දැඩි විරෝධය මැද මුහුණු පොතෙන් දැන හඳුනාගත් බදුල්ලේ තරුණියක් සමඟ මොහු විවාහවී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

views

8153 Views

Comments

arrow-up