බදියුදීන්ගේ බිරිඳ සහ මාමණ්ඩිය ඇප මත නිදහස්

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය බව කියන ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ සහ මාමණ්ඩිය එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද(17) නියෝග කළාය.
විමර්ශන නිලධාරීන්ට කිසිදු අයුරකින් හෝ බලපෑම් එල්ල කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට දැඩි ඇප කොන්දේසි සහිතව සැකකරුවන්ට ඇප නියම කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරන ලදී.
මෙම සිද්ධියේ පස්වැනි සැකකරු වන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන මස පළමුවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනගාරගත කරන ලෙසද මෙහිදී අධිකරණය නියෝග කළේය.
799 Views
Comments