එන්නත් ගැනීමට තරුණයින් නොපැමිණීම නිසා එන්නත් පොළ හකුලාගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

එන්නත් ගැනීමට තරුණයින් නොපැමිණීම නිසා එන්නත් පොළ හකුලාගෙන යයි

එන්නත් ගැනීමට තරුණයින් නොපැමිණීම නිසා එන්නත් පොළ හකුලාගෙන යයි

ආණමඩුව, කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවති කෝවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයට එන්නත් ගැනීම සඳහා තරුණ පිරිස් පැමිනිම අඩුවීම හේතුවෙන් එන්නත්කරණ කටයුතු අතරමග නවතා කාර්ය මණ්ඩලය ආපසු කාර්යාල වෙත යැවිමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා සඳහන් කළේය.

 

වයස අවුරුදු 20 - 30 අතර තරුණ තරුණියන් 2000 කට කොට්ටුකච්චිය එන්නත් මධ්‍යස්ථානයේ එන්නත් ලබාදීමට සුදානම් කර තිබු බවද වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේය.

 

මෙම මධ්‍යස්ථානයේදී සයිනෝෆාම් කෝවිඩ් මර්ධන එන්නත ලබාදිම සිදුව තිබුණි.

 

කෙසේ වෙතත් උදේ 8 සිට දහවල් 1 පසුවන විටත් 200 කටත් අඩු පිරිසක් සහභාගි විම නිසා අදාල එන්නත්කරණ කටයුතු සිදු කිරීම ගැටළුවක් වු බව පැවැසූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ තම කාර්ය මණ්ඩලය හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජීකයන් ඇතුළු 35 කට ආසන්න කාර්යමණ්ඩලයක් ආපසු කැඳවූ බවයි.

views

720 Views

Comments

arrow-up