දරුවෙකු බිහිකල තවත් මවක් කොරෝනාවට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

දරුවෙකු බිහිකල තවත් මවක් කොරෝනාවට බිලි

දරුවෙකු බිහිකල තවත් මවක් කොරෝනාවට බිලි

දරු ප්‍රසූතියක් සිදුකළ තවත් මවක් යාපනය ශික්ෂණ රෝහලේදී කොවිඩ් වෛරසය හේතුවෙන් පෙරේදා(15) මියගොස් තිබේ.

 

යාපනයේ අලවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි මවක් වන සතීස්කුමාර් අබිනියා නැමැති 42 හැවිරිදි කාන්තාව දරු ප්‍රසූතිය ආසන්නයේදී කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය සම්බන්ධව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී තිබේ. 


දරු ප්‍රසූතියෙන් අනතුරුව ඇයගේ රෝගය උත්සන්න වී ඇය මියගිය අතර ප්‍රසූත කළ දරුවා යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිතව පසුවේ. 

 

මියගිය කාන්තාවගේ මළසිරුර සෞඛ්‍ය නීති රීති වලට අනුව ඊයේ(16) යාපනයේ පොම්මාවේලී ආදාහනාගාරයේදී සිදුකෙරුණි.

views

914 Views

Comments

arrow-up