ඉන්දියාවෙන් හමුවූ ඉපැරණි බෞද්ධ විහාර නටබුන්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
02

ඉන්දියාවෙන් හමුවූ ඉපැරණි බෞද්ධ විහාර නටබුන්

ඉන්දියාවෙන් හමුවූ ඉපැරණි බෞද්ධ විහාර නටබුන්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ වන රක්ෂිතයකින්, වසර 1,500 කට වඩා පැරැණි පුරාණ බෞද්ධ විහාරයක නටබුන් සොයාගත් බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම බෞද්ධ විහාරයේ නටබුන් දක්නට ලැබෙන්නේ හින්දු අධිරාජ්‍යයක නටබුන් සමඟ යැයි ඉන්දීය පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

 

බෞද්ධ විහාරයේ නටබුන් හමුවුණු ස්ථානයේ, හින්දු කෝවිල්වල නටබුන් 26 ක්, ලෙන් 26 ක්, ස්තූප 2 ක්, ශිලා ලිපි 24 ක්, පිළිම සහ ගල් කැටයම් 46 ක් සහ දිය පොකුණු 19 ක් ද ඇතැයි පැවසෙයි.

 

නටබුන් සොයාගෙන ඇත්තේ බණ්ඩව්ගාර් වන රක්ෂිතයෙනි. මෙම රක්ෂිතය ඉන්දීය ව්‍යාඝ්‍රයන් සඳහා ප්‍රකටය.


පුරාවිද්‍යාඥයන් පවසන්නේ, මාස ගණනක ගවේෂණයකින් පසු ඔවුන්ට මෙම නටබුන් හමුවුණු බවය.

 

වනාන්තරයේ මෙම ප්‍රදේශය මීට පෙර ගවේෂණය කෙරුණේ 1938 වසරෙන් පසුව යැයි ද පැවැසෙයි.

views

264 Views

Comments

arrow-up