හදිසි නීතිය වහාම ඉවත්කර මර්ධනය නතර කරන්න - සජිත් ප්‍රේමදාස

හදිසි නීතිය වහාම ඉවත් කර මර්දනය නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අරණායක ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.
තව දුරටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම ජන හමුවේ දී අදහස් දැක්වූ සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරේ සිය පක්ෂය නිවැරදි දේ වෙනුවෙන් සෑම විටම ප්‍රතිපත්තියක් සහිත ව පෙනී සිට ඇති බවයි.
278 Views
Comments