ගම්මන්පිල පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අයිතිය ඉල්ලයි - ජොන්ස්ටන් "අපි බලමු" කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ගම්මන්පිල පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අයිතිය ඉල්ලයි - ජොන්ස්ටන් "අපි බලමු" කියයි

ගම්මන්පිල පාර්ලිමේන්තුවේ කතා කිරීමේ අයිතිය ඉල්ලයි - ජොන්ස්ටන් "අපි බලමු" කියයි

තමන්ට පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට ඉඩ ලබා නොදීම තමන්ට ඡන්දය දුන් ජනතාවගේ අදහස් පළ කිරීමට ඉඩ නොදීමක් බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද 136,331ක් ලබා ගනිමින් තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බව ය.

 

ඒ අනුව, පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට තමන්ට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට කතානායකවරයා පියවර ගනු ඇතැයි තමන් ගෞරවයෙන් අපේක්ෂා කරන බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

 

ගම්මන්පිල මහතා වැඩිදුරට ත් සඳහන් කළේ, ඉන්ධන අර්බුදය පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයට අදාළව මාර්තු මස 10 වන දා තමන්ට කතාවක් දී තිබූ අතර තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හෙයින් තමන්ට කතා කිරීමට කාලයක් වෙන් කර දෙන ලෙසට ලිඛිත ඉල්ලීමක් මාර්තු 7 වන දා කළ බව ත් එසේ කාලයක් ලබා දිය නොහැකි බව මාර්තු 8 වන දා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය තමන්ට දැනුම් දුන් බවත්ය.

 

පසුව, තමන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට කතා කළ අතර ඔහු "අපි බලමු" යනුවෙන් පැවසූ බවත්, පසුව කතා කිරීමේ කාලසටහනේ ඉඩ නොමැති හෙයින් තමන්ට කතා කිරීමට කාලයක් දිය නොහැකි බව ඔහුගේ කාර්යාලය තමන්ට දැනුම් දුන් බවත් උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.

 

 

views

760 Views

Comments

arrow-up