DEC
18
බස්නාහිර පළාතෙන් පිටවන්නන් අද සිට ඇන්ටිජන් පරීක්ෂාවට

උත්සව සමය හේතුවෙන් තම ගම්බිම් බලා බස්නාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයින් සඳහා අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඒ සඳහා අද සිට ජංගම රථ යොදවා ඇති බවයි.
මේ අනුව බස්නාහිර පළාතෙන් පිට වන පුද්ගලයින් නිට්ටඹුව කොස්ගම හා කටුනායක යන ප්‍රදේශවලදී ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කරනු ඇති.
605 Views
Comments