Covid-19 මරණ අවසන් කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගෙන් අගමැතිට ලිපියක්

Covid -19 හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ
බෝවන රෝගයක් හේතුවෙන් මියගිය අය ආදාහනය කළ යුතුය යන පොදු උපකල්පනය මඟින් එම රෝගය පැතිරීම වැළැක්විය හැකි බවට සාක්ෂි සහිතව ඔප්පු කර නොමැති බව මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පවසයි.
ඇය සඳහන් කරන්නේ ආදාහනය කිරීම සංස්කෘතික තේරීමක් හා පවතින සම්පත් පිළිබඳ කාරණයක් බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර ඇති මෙම ලිපියේ පිටපත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත යොමු කර ඇත.
932 Views
Comments